දින තුනක සටන් විරාමය අද උදෑසන අවසන්වීමත් සමග සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරමින් පලස්තීනය ගාසා තීරය වෙත එල්ල කළ රොකට් ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලයද නැවත වරක් ගාසා තීරය වෙත සිය ගුවන් ප්‍රහාර අරඹා තිබේ.
ඊශ්‍රායල් හමුදාව පෙන්වා දෙන්නේ පලස්තීනයේ රොකට් ප්‍රහාර පිළිගත නොහැකි බවත්, තවදුරටත් ඉවසිය නොහැකි බවත් හා කෙටිකාලීනව මේ කාරණය දෙස බැලිය නොහැකි බවත්ය.
පලස්තීන හමාස් සංවිධානය පවසා සිටියේ ඊශ්‍රායලය ඊශ්‍රායලය ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඇහුම්කන්දීමට සූදානම් නොමැති බවයි. එහිදී, නාවික කටයුතු වෙනුවෙන් ගාසා වරාය විවෘත කිරීමටද ඔවුන් එකඟ නොවන බව හමාස් සංවිධානය පවසයි.
පසුගිය සති හතරක ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිනිස් ජීවිත 1,940ක් අහිමි වී තිබේ.
පලස්තීන බලධාරීන් පෙන්වා දෙන පරිදි එරට වැසියන් 1,875ක් මරණයට පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි මියගිය අයගෙන් 1,354ක් සාමාන්‍ය වැසියන්ය. ඒ අතර, ළමුන් 415ක් හා කාන්තාවන් 214ක්ද සිටී.