“සචින්.... සචින් කියන්නෙ කවුද?” මේ විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අතරතුරදී ලෝක ටෙනිස් ශූරියක වන මාරියා ෂරපෝවාගෙන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සචින් තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ඇය පිළිතුරු දුන් ආකාරයයි.
ඇයගේ ක්‍රීඩා තරග නැරඹීමට පැමිණි ලෝක ප්‍රකට ක්‍රීඩකයන් පිළිබඳ මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරන අතරතුර ෂරපෝවාගෙන් ලැබුණු මෙම පිළිතුරත් සමග ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීහු මහත් කැළඹීමකට පත්ව ඇති බව එරටින් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේදී ෂරපෝවා තමන්ගේ තරග නැරඹීමට පැමිණ ඇති සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් දක්ෂ ක්‍රීඩකයෙකු බව පවසා ඇති අතර, එහිදී සචින් තෙන්ඩුල්කාර්ද ඔබේ තරග නැරඹීමට පැමිණියා නේදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරන විට “සචින්.... සචින් කියන්නෙ කවුද?” යැයි ඇය පවසා තිබේ.
එහිදී, සචින් තෙන්ඩුල්කාර් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව ෂරපෝවා දැනනොසිටි බව ගම්‍ය වූ අතර, ඇයගේ ප්‍රකාශය ‘ට්විටර්’ හා ‘ෆේස්බුක්’ වැනි සමාජජාල තුළ මහත් කැළඹීමක් ඇති කර තිබේ.
තමන් දේවත්වයෙන් සලකන තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් ෂරපෝවාගේ මේ ප්‍රකාශය ගැන කෝපය දරාගත නොහැකිව ඉන්දීය ක්‍රීඩා ලෝලීහු “ෂරපෝවා… මාරියා ෂරපෝවා කියන්නේ කවුද?” යනුවෙන් ‘ට්විටර්’ වෙබ් අඩවියේ දක්වා ඇත.