සංගීත ලෝකයේ තාක්ෂණික විස්කම් පෑ රෝලන්ඩ් සංගීත භාණ්ඩ නිෂ්පාදනයේ පුරෝගාමී ඉක්යුතාරෝ කකේහෂී අවුරුදු 87ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජපාන ජාතික ඉංජිනේරුවෙකු ලෙස ප්‍රකට ඔහු අතිශය ජනප්‍රිය තාක්ෂණික ඩ්‍රම් යන්ත්‍ර කිහිපයක්ම ලෝකයට එළිදක්වා ඇති අතර, වඩාත් ප්‍රකට ටී.ආර්.-808 හි නියමුවා වන්නේද ඔහුය.
කෙනී වෙස්ට්ගේ සිට මර්වින් ගෙයි දක්වා භාවිත කරන හිප්-හොප් සහ ඉලෙක්ට්‍රොනික සංගීතයේ සුවිශේෂී මෙවලමක් ලෙස ඔහුගේ සංගීත උපකරණ සැලකෙයි.
2013 වසරේදී තාක්ෂණික අංශයෙන් ග්‍රැමී සම්මානයක් පවා කකේහෂී හිමිකර ගත්තේ ඉලෙක්ට්‍රොනික සංගීත තාක්ෂණයට දක්වන ලද දායකත්වය වෙනුවෙනි.