උතුරුදිග ග්‍රීසියේ දේශසීමා වසා දැමීමත් සමග මෙසිඩෝනියාවට ඇතුළු වීම සඳහා සංක්‍රමණිකයන් විසින් වන ලැහැබ හා කඳු ශිඛරවලින් යුතු දුෂ්කර මාර්ගයක් තෝරාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
අඳුර වැටෙත්ම මෙම වනාන්තර කලාපය හරහා මෙසිඩෝනියානු බලධාරීන්ගේ ඇස් වසා පැමිණෙන 70ක පමණ සංක්‍රමණික කණ්ඩායමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව රොයිටර් පුව්ත සේවය කියයි.
මෙය කිලෝමීටර් 20 ක හෝ පැය 4ක පමණ ගමන් බවත්, දහස් ගණන් සංක්‍රමණිකයන් රැඳී සිටින ඉඩෝමනී සිට ඔවුන් පැමිණෙන බවත් කියැවෙයි.
මෙම ඉඩෝමනී කඳවුරු භූමිය තුළ මේ වනවිට සංක්‍රමණිකයන් දහස් ගණනක් රැඳී සිටින්නේ පසුගිය පෙබරවාරි මාසයේ සිට යුරෝපය වෙත ඇතුළු වීම වළක්වමින් බෝල්කන් රාජ්‍යයන් සිය දේශසීමා තරකිරීමත් සමගිනි.
මේ අතර මෙම කඳවුරු භූමියේ සිටින තවත් පිරිස් මෙම මාර්ගය තෝරාගෙන යුරෝපය වෙත ඇතුළු වීමේ සූදානමක් පවතින බවද රොයිටර් පුවත් සේවය පවසයි.