මැසඩෝනියා දේශසීමා ආසන්නයේ රැඳී සිටින දහස් ගණන් සංක්‍රමණිකයන් පහසුකම් සහිත කඳවුරු වෙත රැගෙන යාම සඳහා ග්‍රීසිය දැඩි ප්රයත්නයක නිරතව සිටින බව කියැවෙයි.
යුරෝපය වෙත ඇතුළු වීමට පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනින් මඩ ගොහොරුවල තාවකාලික කූඩාරම්තුළ රඳී සිටින අතර, මේ වනවිට බොහෝ දෙනෙකු විවිධ ආසාධන තත්ත්වයන්ට ගොදුරු වෙමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වය තුළ සංක්‍රමණිකයන්ට මෙසේ පහසුකම් සහිත සරණාගත කඳවුරු ඉදිකර දීමට ග්‍රීසිය වෙහෙසෙයි.
එරටින් ලැබෙන වාර්තා අනුව මේ වනවිට 12,000ක පමණ සංක්‍රමණික පිරිසක් මැසඩෝනියා දේශසීමා ආසන්නයේ රැඳී සිටින අතර, ඉන් බහුතරය කුඩා දරුවන්ය.
යුරෝපීය බෝල්කන් රාජ්‍යයන් සිය දේශසීමා වසා දැමීමට පියවර ගැනීමත් සමග මෙසේ දසදහස් ගණන් ජනයා ග්‍රීසිය තුළ සිරවී සිටින අතර, මෙම ගැටලුකාරී තත්ත්වය යුරෝපා සංගමය තුළද දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති කර තිබෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.