සංක්‍රමණිකයන් නිසා ස්ලොවේනියාව දැඩි අර්බුදයක
සංක්‍රමණික අර්බුදය වෙනුවෙන් පොදු විසඳුමකට ඒමට යුරෝපා සංගමය එකඟ නොවූවහොත්, දහස් ගණනින් ඇදී එන සංක්‍රමණිකයන් පාලනය සඳහා ක්‍රොඒෂියානු දේශසීමාවේ ආරක්ෂිත වැටක් ඉදිකිරීම ඇතුළු පියවර රැසක් ගන්නා බව ස්ලොවේනියාව අවධාරණය කරයි.
ක්‍රොඒෂියාව සමග වූ දේශසීමා වසා දැමීමට හංගේරියාව කටයුතු කිරීමත් සමග සංක්‍රමණිකයන් පසුගිය සෙනසුරාදා සිට ස්ලොවේනියාව හරහා යුරෝපයට ඇතුළු වීමට පැමිණෙමින් සිටිති.
ස්ලොවේනියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය සෙනසුරාදා සිට 47,000ක් රටට ඇතුළු වී ඇති බවයි.
එමෙන්ම, ගත වූ පැය 24 තුළ 10,000 ක් සංක්‍රමණිකයන් රටට ඇතුළු වූ බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
රොයිටර් පුවත් සේවය පවසන්නේ එසේ පැමිණි සංක්‍රමණිකයන් 3,000ක් පමණ ඔස්ට්‍රියා දේශසීමා වැටවල් බිඳගෙන ඉදිරියට ඇදෙමින් සිටින බවයි.
මෙවැනි දැවැන්ත අර්බුදයකට මුහුණදීමට තම රටට නොහැකි බව පවසන ස්ලොවේනියානු අගමැතිවරයා, විශාල පිරිසක් එකවර තම දේශසීමා වෙත ගෙනැවිත් දැමීම ගැන ක්රොඒෂියාවටද චෝදනා කරයි.
මේ ආකාරයෙන්, මැදපෙරදිග හා ආසියානු කලාපයේ සිට පැමිණෙන සංක්‍රමණික අර්බුදය හේතුවෙන් මේ වනවිට යුරෝපය තුළ බලවත් අර්බුදයක් හටගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

