යුරෝපය කරා ඇදෙන සංක්‍රමණිකයන්ට බෝල්කන් රාජ්‍යයන්ගේ දේශසීමා වසාදැමීමත් සමග දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් අධික සීතලේ දේශසීමාවල සිරවී සිටින බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ස්ලොවේනියාව සමග වූ ක්‍රොඒෂියා දේශසීමාවේ කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු සිය ගණනක් විවෘත භූමිවල රාත්‍රිය පවා ගත කළ බවයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය චෝදනා නගන්නේ සර්බියා හා ක්‍රොඒෂියා දේශසීමන්හිදී සංක්‍රමණිකයන්ට මූලික අවශ්‍යතා හෝ පිරිමසා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි.
බටහිර බෝල්කන් දේශසීමා එම රාජ්‍යයන් විසින් වසාදැමීමත් සමග මෙම සරණාගත අර්බුදය තවදුරටත් උග්‍ර අතට පත්ව තිබේ.