යුරෝපය කරා පැමිණෙන සංක්‍රමණිකයන් පුද්ගලයන් වශයෙන් මිස සංඛ්‍යාත්මකව නොබලන ලෙස ඇමෙරිකාවේ කොංග්රස් මණ්ඩලය අමතමින් පාප් තුමන් පවසා තිබේ.
අපට සැලකුම් ලබන්නට කැමති ආකාරයෙන් හා ඒ දයාවෙන්ම යුතුව සංක්රමණිකයන්ටත් සැලකිය යුතු බව එම විශේෂ කතාවේදී පාප් තුමන් අවධාරණය කර ඇත.
එමෙන්ම, මරණීය දණ්ඩනය නවතා දැමිය යුතු බවද පාප් තුමන් යළිත් අවධාරණය කර ඇති අතර, දිළින්ඳන් හා වරප්‍රසාද අහිමිවූවන් වෙත වැඩි දයාවක් දැක්විය යුතු බවද පවසා තිබේ.
මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සම්පාදකයන්, විනිශ්චයකාරවරයන් ඇතුළු නිලධාරීන් 500ක් පමණ පාප් තුමන් උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.
