හංගේරියාවේ තවමත් රැඳී සිටින සංක්‍රමණිකයන් ඔස්ට්‍රියාව හා ජර්මනිය වෙත රැගෙනයෑම සඳහා පැමිණි ස්වෙච්ඡා ක්‍රියාකාරීන්ගේ මෝටර් රථ පෝලිමක් දැකිය හැකි බව විදෙස් වාර්තා පවසයි.
සිරියාවේ පවතින ඉස්ලාමීය අන්තවාදී ගැටුම් හේතුවෙන් පැමිණි වැඩි පිරිසක් මේ අතර සිටින අතර, හංගේරියාව සිය දේශසීමා විවෘත කිරීමත් සමග සංක්‍රමණිකයන් වැළ නොකැඩී ඔස්ට්‍රියාවට හා ජර්මනියට පැමිණෙමින් සිටිති.
එහිදී, විශේෂ බස් රථ හා දුම්රිය මොවුන් හංගේරියාවේ සිට ප්‍රවාහනය කිරීමට යොදාගැනුණි.
කෙසේ වෙතත්, මෙම සංක්‍රමණිකයන්ගේ පැමිණිම සම්බන්ධයෙන් යුරෝපා කලාපයේ රටවල් අතර බෙදීමක්ද ඇතිව තිබෙන අතර, එකී රටවල ස්වෛරීත්වයට මෙතරම් දැවැන්ත සංක්‍රමණික පිරිසකගේ පැමිණීම අහිතකර ලෙස බලපානු ඇති බවටද විවේචන පවතී.