ග්‍රීසිය වෙත සංක්‍රමණිකයන් රැගෙන ගිය බෝට්ටු දෙකක් තුර්කියට ආසන්න සාගරයේ ගිලී යාමෙන් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තුර්කි මාධ්‍ය පවසයි.
එහිදී, එක් බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙක් හා තවත් බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ දත්ත අනුව 2016 වසර ආරම්භයේ සිට පෙබරවාරි 05 වැනිදා දක්වා යුරෝපය වෙත සංක්‍රමණය වීමට පැමිණි පුද්ගලයන් 374 දෙනෙකු සාගරයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ මියගිය වැඩි පිරිසක් ග්‍රීසිය වෙත ගමන් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම මුහුදු මාර්ගය යුරෝපය වෙත ඇතුළු වීම සඳහා පසුගිය වසරේ සිට වඩාත් ජනප්‍රිය මාර්ගය වී තිබේ.