යුරෝපයට ඇතුළුවන සංක්‍රමණිකයන්ගේ ගමන අඩාළ කිරීම සඳහා යුරෝපා රාජ්‍යයන් කිහිපයක්ම බෝල්කන් දේශසීමා හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් එම රාජ්‍යයන්ට දොස් පවරයි.
මාර්කෙල් පෙන්වාදෙන්නේ මෙසේ හදිසියේ බෝල්කන් දේශසීමා වසාදැමීමෙන් ග්‍රීසිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. මන්දයත්, මෙසේ පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වනවිට ග්‍රීසියේ සිරවී සිටින බැවිනි.
කෙසේ වෙතත්, මෙවැනි තීරණයකට එළැඹෙන්නේ නම් එම තීරණය යුරෝපා සංගමය ලෙස සාමූහිකව ගතයුතු බවත් ඇය යුරෝපයේ ප්‍රබලම රාජ්‍යයේ නායිකාව ලෙස ඇය අවධාරණය කර තිබේ.
ඔස්ට්‍රියාව, ස්ලොවේනියාව, ක්‍රොඒෂියාව මෙන්ම, යුරෝපා සංගමයට අයත් නොවන සර්බියාව මෙන්ම මැසඩෝනියාවද මෙසේ සිය රාජ්‍යයන්ගේ දේශසීමා හදිසියේ වසා දැමීය.