සංක්‍රමණික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මධ්‍යම යුරෝපයේ හා බෝල්කන් රාජ්‍යයන්ගේ නායකයන් හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
හංගේරියාව සිය දේශසීමා වසාදැමීමත් සමග සංක්‍රමණික අර්බුදය වඩාත් උග්‍ර වී ඇති අතර, මේ හේතුවෙන් ක්‍රොඒෂියාව හා ස්ලොවේනියාව හරහා උතුරු දෙසට පැමිණීමට සංක්‍රමණිකයන් උත්සාහ කරමින් සිටියි.
යුරෝපා කොමිසමේ සභාපති ජීන් ක්ලවුඩේ ජන්කර් පවසන්නේ මේ අර්බුදකාරී වාතාවරණයේදී යුරෝපය තම අසල්වාසීන්ට සංක්‍රමණිකයන් භාරදීමට නැවැත්විය යුතු බවයි.
කෙසේ වෙතත්, මේ අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් පියවරක් නොගතහොත් බෝල්කන්ස් සීතල ගංගාවන්ගේ මළ සිරුරු දහස් ගණනක් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවද ඔහු පවසා සිටියි.