මධ්‍යධරණී මුහුදේ සිදුවන මහා මනුෂ්‍ය සංහාරය නැවැත්වීමට යුරෝපයේ බලවත් රාජ්‍යයන් මීට වඩා පියවර ගත යුතු බව ග්‍රීසියේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ උතුරු යුරෝපය මෙම අනවසර සංක්‍රමණික මරණ නැවැත්වීමට මෙන්ම, ඔවුන්ට නිසි ආරක්ෂාවක් සැලසීමට කටයුතු කළ යුතු බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ග්‍රීසිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය එකම වේදිකාවක සිට යුරෝපා සංගමයේ හදිසි සමුළුවට පෙර කටයුතු කරන බවයි.