ඉරාකයේ ප්‍රබල ෂියා ආගමික නායකයෙකු ලෙස සැලකෙන මොක්ටඩා අල් සදර් ට පක්ෂපාතී ෂියා මුස්ලිම් සටන්කාමීන් දහස් ගණනක් ඉරාක අගනගරය වන බැග්ඩෑඩ් සහ වෙනත් නගරවල වීදි ඔස්සේ පෙළපාලියෙන් ගමන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
මොක්ටඩාට පක්ෂපාතී මෙම සටන්කාමීන් මේධි හමුදාව ලෙස සැලකෙන අතර, ඔවුන් වසර ගණනක් පුරා ඉරාකයේ සිටි ඇමරිකානු හමුදාව සමග සටන් වැදුණු පිරිසක් බවද කියැවෙයි.
ඉරාකය පුරා පෙළපාලි පවත්වන ලෙස පූජක මොක්ටඩා විසින් මේධි හමුදාවෙන් ඉල්ලා සිටිනු ලැබ ඇති බව වාර්තා වන අතර, මේ සමගම ඉරාක රජය දැඩි අපහසුතාවකට පත්ව තිබෙන්නේ මෙය වඩාත් ව්‍යාකූල තතත්ත්වයක් නිර්මාණය කර ඇති නිසාය.
ඔහුගේ නියෝජිතයෙකු වන රාද් අල් සක්රි නමැතිතා කර්කුක් හි පැවති රැළියකදී මේධි අමතනු ලැබූ බවද කියැවෙයි.
මීට පෙර ෂියා මුස්ලිම්වරුන් ස්වේච්ඡාවෙන් සුන්නි අන්තවාදීන්ට එරෙහි සටනට පිවිසියේ එරට වඩාත් ගෞරවයට පාත්‍ර වී ඇති ෂියා ආගමික අධිකාරිය වන අයතුල්ලා අලි අලි-සිස්ටානි විසින් ජනතාවගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.