මුස්ලිම් කාන්තාවන් තම හිස වැසෙන ලෙස පළඳින වේලය පැළඳීම ප්රතික්ෂේප කළ සෝමාලියානු කාන්තාවන් අල්-ෂබාබ් ත්රස්තයන් විසින් වෙඩි තබා මරා දමා ඇති බව පැවසෙයි.
රාඛියා ෆාරාහ් යරෝව් නමින් හැඳින්වෙන ඇය සිය නිවෙස අසලදී ඝාතනයට ලක්ව ඇති අතර, දකුණුදිග සෝමාලියාවේ, හොසින්ගෝ නගරයේදී මෙම ක්රෑර ඝාතනය සිදුව ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ඇගේ ඥාතීන් පෙන්වා දෙන පරිදි අල්-ෂබාබ් ත්රස්තයන් වේලයක් පළඳින ලෙස මීට පෙර ඇයට දන්වා තිබේ. කෙසේ වෙතත්, නැවත ඔවුන් පැමිණෙන විට ඇය වේලයක් පැළඳ නොසිටීම හේතුවෙන් කෝපයට පත් ත්රස්තයන් ඇය ඝාතනය කර ඇති බව ඥාතීහු පවසති.
කෙසේ වෙතත් අල්-ෂබාබ් ප්රකාශකයෙකු පවසා ඇත්තේ තම සංවිධානය මෙම කාන්තාව ඝාතනය නොකළ බවයි.
නමුත්, ඇගේ ඥාතීන්ට අනුව මෙම ත්රස්තයන් දෙවරක් ඇයට වෙඩි තබා තිබේ.