උතුරු ඉන්දියාවේ හර්යාන් ප්‍රාන්තය වෙත අයිස් ගුලියක් ආකාරයෙන් ගුවනින් වැටුණු දෙය ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් කරනලද මිනිස් අසූචි තොගයක් විය හැකි බවට ඉන්දියාව සැක පහළ කරයි.
පසුගිය සෙනසුරාදා දිනයේ හර්යානා ප්‍රාන්තයේ ෆෂිල් පූර් බද්ලි ගම්මානය වෙත විශාල ශබ්දයක්ද ඇති කරමින් මෙම අයිස් කුට්ටිය කඩා වැටී ඇති අතර, ඒ මහා ශබ්දයෙන් ගම්වැසියන් භීතියට පත්ව ඇති බවද කියැවේ.
මෙසේ පතිත වූ අයිස් කුට්ටිය වෙනත් ලෝකයකින් ලැබුණු පූජනීය වස්තුවක් ලෙස සලකා ඇතැම් අය එම අයිස් කුට්ටියේ කොටස් නිවෙස්වලට පවා රැගෙන ගොස් තිබුණත්, මෙය ගුවනේදී අයිස් බවට පත්වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් යැයි විශ්වාසයක් පවතී.
ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ගුවන් යානාවල විශේෂ කුටීරයක් පැවතියත් ඒවායෙහි යම් අවස්ථාවක කාන්දුවක් විය හැකි බව බලධාරීන් පවා පිළිගන්නා සත්‍යයකි. මේ නිසා විශේෂ පරීක්ෂාවකට ලක්කරමින් මෙය මිනිස් අපද්‍රව්‍ය තොගයක්දැයි සොයා බලන බව ඉන්දියාව පවසයි.