දකුණු ඉන්දියාවේ, තෙලන්ගනා ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ඇ.ඩො.මිලියන 7.3ක මුදලින් ඉදිකළ නව මන්දිරයක් වෙත යෑම පිළිබඳ ඉන්දියාව තුළ දැඩි විරෝධයක් ඇති වී තිබේ.
බදු ගෙවන්නන්ගේ මුදලින් සූදූ මන්දිරයක් වෙත මහ ඇමතිවරයා ගමන් කිරීම්, කළු සල්ලි සුදු කිරීමේ වැඩසටහනක් හරහා මුදල් අර්බුදයකට මුහුණදී සිටින ඉන්දියානුවන්ගේ කෝපය දෙගුණ තෙගුණ කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම මන්දිරය වර්ග අඩි 9,000කින් යුතු අතර, හයිද්‍රාබාද් හි පිහිටා ඇති බවද කියැවෙයි.
මෙම මන්දිරයේ ඇති විශේෂත්වය නම් එහි වෙඩි නොවදින නාන කාමර, රැස්වීම් ශාලා ආදියද යුතු වීමය.
එහිදී, මහ ඇමතිවරයාගේ විශේෂ හින්දු ගුරු කෙනෙකු විසින් මන්දිරය වෙත ආශිර්වාද කිරීමක් සිදුකරමින්, එහි නාන කාමරද එම ගුරු විසින්ම විවෘත කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.