වර්තමානයේදී ගොඩබිම ජීවත්වන විශාලතම සත්වයා වන අලි පරපුරේ මුල් පුරුක් ලෙස හැඳින්වෙන වුලී මැමත් මිහිමතින් තුරන්වී ඇත්තේ බරපතල ජානමය රෝගාබාධයක් නිසා බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එම අධ්‍යයනයට අනුව මෙම සතුන්ගේ අවසන් පුරුක් ජානමය විකෘතිතාවකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් මැමත් සතුන්ගේ ගඳ සුවඳ දැනගැනීමේ සංවේදනය අහිමි වී ඇති අතර, ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව හුදකලාව ජීවත් වී ඇති බවද විද්‍යාඥයෝ පවසති.
එහිදී, මෙම සතුන්ගේ ශරීරය මතුපිට දිලිසෙන ලෝම ඇතිවීමටද බලපා ඇත්තේ එම ජාන විකෘතිතාව බව කියැවෙයි. මෙම සතුන්ගේ ඩී.එන්.ඒ. ජාන කොටස් පිළිබඳව කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස විද්‍යාඥයන් මෙම නිගමනයට පැමිණ තිබේ.
ඒ අනුව, දැනට මිහිතලයේ සිටින සත්ව විශේෂ ආරක්ෂා කරගැනීම සඳහා ගනු ලබන ප්රයත්නයන්ට ඉහත කී පරීක්ෂණයද මහත් අස්වැසිල්ලක් වනු ඇති බවද විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
මෙම වුලී මැමත් කලක් උතුරු ඇමරිකාවේ සහ සයිබීරියාවේ සුලබව විසූ සත්ව විශේෂයක් ලෙස සැලකෙයි.