විෂ සහිත මැඬියන් ආහාරයට ගත් දකුණු කොරියානු ජාතිකයෙකුට දිවි අහිමි වූ පුවතක් වාර්තා වෙයි.
ඩෙයිජීන් නගරය ආසන්නයේ වන ලැහැබක සිටියදී මෙම සුවිසල් ගෙම්බන් සොයාගත් පුද්ගලයන් පිරිසක් ඔවුන් බුල් ෆ්රෙග් ලෙස සැලකෙන ආහාරයට ගන්නා ගෙම්බන් යැයි විශ්වාස කර තිබේ.
ඉන් දිනකට පසුව ඔවුන් මෙම ගෙම්බන් රසවත් ලෙස පිළියෙළ කර ඔවුන් ආහාරයට ගෙන තිබේ.
නමුත්, එසේ ගෙම්බන් ආහාරයට ගත් අයගෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු ඒ මොහොතේ සිටම වමනය කිරීම අරඹා ඇති අතර, ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව ඊට පසුදින ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පවසන්නේ මෙම ගෙම්බන්ගේ වූ විෂ මියගිය පුද්ගලයාගේ ශරීරයේ තිබී සොයාගත් බවයි.
මෙම ගෙම්බන් ආහාරයට ගත් සෙසු පිරිසටද පෙරකී පුද්ගලයා පෙන්වූ ආසාධිත තත්ත්වයන් පිළිබිඹු කළද ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබේ.