පාපන්දු ක්‍රීඩාංගණ පහක පමණ විශාලත්වයෙන් යුතු විශාල ග්‍රාහකයක් හෙට (26 දා) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ග්‍රාහකය 2004 BL86 ලෙස සැලකෙන අතර, මෙවැනි ග්‍රාහකයක් නැවත පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන්නේ 2027 දී බව පැවසෙයි.
කෙසේ වෙතත් මෙම ග්‍රාහකය පෘථිවියට ආසන්න වන ප්රතමාණය සඳු හා පෘථිවිය අතර පවතින දුර මෙන් තුන් ගුණයක් බවද කියැවෙයි.
යම් ලෙසකින් පෘථිවි ගුරුත්වයට හසුව මෙය පෘථිවිය කරා ඇදී ආවොත් ඉන් බලවත් හානියක් සිදුවිය හැකි බවටද විද්‍යාඥයෝ අනතුරු අඟවති.