අධික සතුට, කෝපය, ශෝකය මෙන්ම බිය මුසු වූ හැඟීම් සමග ඇතිවන ආතතිය හදිසි හෘදයාබාධ හා හුස්ම ගැනීමට අපහසු තත්ත්වයන් ඇති කරන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.
මෙවැනි හදිසි ආතති තත්ත්වයන් හතරෙන් තුනකදීම හදවතේ වම් කෝශිකාවේ හැඩය වෙනස් කරන බවත්, එය මාරාන්තික විය හැකි බවත් එහිදී හෙළි වී තිබේ.
ස්විට්සර්ලන්තයේ, සූරිච් රෝහල් විශ්වවිද්‍යාලය විසින් සිදුකළ මෙම පර්යේෂණයේදී තහවුරු වී ඇති පරිදි මෙවැනි තත්ත්වයන් 20කින් එකක් අධික සතුට හේතුවෙන් සිදුව තිබේ.
මෙම පර්යේෂණයට රෝගීන් 1,750ක් පමණ යොදාගෙන ඇත.