ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය ප්රංශයේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් හා වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳ ඔත්තු බලා ඇති බව විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණය කරයි.
විකිලීක්ස් වෙබ් අඩවියේ අනාවරණයට අනුව වසර 2006 සිට 2012 දක්වා කාලය ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් මෙම ඔත්තු බැලීම සිදුකර ඇති අතර, මෙම තොරතුරු අනාවරණය වීමත් සමග ප්රංශ ජනපති ප්රංශුවා හොලන්දේ දැඩි කෝපයකට පත්ව තිබේ.
එහිදී, ඇමෙරිකාව හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකු වූ ජැක් ෂිරාක් හා නිකොලාස් සාකෝසි මෙන්ම, වත්මන් ජනපති ප්රංශුවා හොලන්දේ පිළිබඳවද ඔත්තු බලා ඇති බව විකිලීක්ස් අනාවරණය කරයි.