ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ බුද්ධි තොරතුරු ඇතුළුව ලොව පුරා විවාදයට තුඩුදුන් රහස් රැසක් හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේ බ්‍රිතාන්‍ය පොලීසිය වෙත බාරවීමේ සූදානමක් පවතින බව විදෙස් වාරතා පවසයි.
බාල අපරාධ නඩුවක් නිසා ස්වීඩනයට පිටුවහල් කෙරෙන බැවින්, ඔහු බටහිර ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින්නේ පසුගිය 2012 වසරේ සිටය.
2014 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලබාදුන් අත්තනෝමතික රඳවා තබාගැනීමේ චෝදනාවට අදාළ තීන්දුව ලැබීමට නියමිතව තිබියදී ඔහු මෙසේ පොලීසියට බාරවීමට සූදානම් බව විදෙස් වාර්තා පවසයි.