වැලන්ටයින් දිනය පාකිස්තාන සංස්කෘතිය සමග කිසිසේත්ම බැඳී නොපවතින බැවින් සම්පූර්ණයෙන්ම එය සැමරීමෙන් වැළකිය යුතු බව පාකිස්තාන ජනාධිපතිවරයා පවසා තිබේ.
එරට සිසුන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස දක්වා ඇති අතර, මෙය සැමරීම බටහිර සංස්කෘතියක් බවත්, එය මුස්ලිම් සංස්කෘතිය හා කිසිසේත්ම නොගැළපෙන බවත් අවධාරණය කර තිබේ.
වයඹදිග පාකිස්තානයේ දිස්ත්රික්කයක් තුළ වැලන්ටයින් දින සැමරුම් තහනම් කිරීමත් සමග ජනාධිපතිවරයාද මෙම ප්රකාශය කර තිබේ.
වෙළෙඳ පොළ ආර්ථිකය තුළ මෙම දිනයට මිලක් නියම විම හරහා පාකිස්තානයේ ඇතැම් පළාත්වලටද මෙම උත්සවය පැතිර ගියත්, එරට ආගමික සංවිධාන මීට දැඩි විරෝධයක් දක්වා තිබේ.