රජය විසින් බලහත්කාරයෙන් තම නිවාස අත්පත් කරගැනීමේදී වැඩි වන්දි මුදලක් ලබාගැනීමේ අරමුණින් ගමක් පිටින්ම දික්කසාද වූ පුවතක් චීනයෙන් වාර්තා වෙයි.
අධි තාක්ෂණික සංවර්ධන කලාපයක් ගොඩනැගීම සඳහා චීන රජය ජියැන්ග්සු ප්‍රදේශයේ ගම්මානයක නිවාස කඩා ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග එම ගම්නානයේ සිටි පවුල් 160ක දෙන්නා දෙමහල්ලන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, මෙසේ ගමක් පිටින්ම දික්කසාද වීමේ අරමුණ වී ඇත්තේ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රජය බලහත්කාරයෙන් සිය නිවාස විනාශ කිරීමෙන් අනතුරුව වැඩි වන්දි මුදලක් ලබාගැනීමය.
පවුලක් වශයෙන් නොව තනිකඩයකු වශයෙන් සිය නිවස අහිමි වූ බවට රජයෙන් වන්දි ලබාගන්නේ නම් පවුලක සැමියාට සහ බිරිඳට නව නිවාස දෙකක් සහ ඇ.ඩො.19,000ක අතිරේක වන්දි මුදලක් හිමිවන බව ගම්මානයේ වැසියන්ට දැනගන්නට ලැබී ඇත.
ඒ අනුව, 80 වැනි වියෙහි පසුවූ දෙන්නා දෙමහල්ලන් පවා දික්කසාද වීමට තීරණය කර ඇති අතර, ඔවුන් වැඩි දුරටත් කියා ඇත්තේ රජයෙන් වන්දි ලබාගැනීමෙන් අනතුරුව සිය සැමියා හා බිරිඳ සමග එකට ජීවත් වීමට කටයුතු කරන බවය.
ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල් කියන්නාක් සේ මෙතරම් විශාල වන්දි මුදලක් රජයෙන් ලැබෙන බව ආරංචි වීමෙන් එම පළාතේ නීතීඥයන්ද දික්කසායක් වෙනුවෙන් ඇ.ඩො.2,000ක මුදලක් අය කරන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල් කියන්නාක් සේ මෙතරම් විශාල වන්දි මුදලක් රජයෙන් ලැබෙන බව ආරංචි වීමෙන් එම පළාතේ නීතීඥ සමාගම්ද එක් දික්කසාදයක් වෙනුවෙන් ඇ.ඩො.2,000ක මුදලක් අය කරන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.