බැටලු රෑනෙන් මිදී වනාන්තර වැදුණු බැටලුවෙකුගේ ඉතා විශාල ලොම් කබායක් කපා ඉවත් කිරීමට පසුගියදා ඔස්ට්‍රේලියානු බැටලු ගොවිපොළකදී සිදුවිය.
කැන්බරා ආසන්න වනාන්තරයකදී මෙම බැටලුවා හමුවන විට එම සතාගේ දෑස් පවා නොපෙනන ආකාරයට ලොම් වැවී තිබූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඒ වනවිට කිලෝ ග්‍රෑම් 40ක පමණ බරකින් යුතු එම ලොම් කබාය සමග ඉතා අපහසුවෙන් දිවි ගෙවූ බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.
අවසානයේදී, ගොවිපලේ පිරිස එකතු වී බැටලුවාගේ ලොම් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, තමා දරා සිටි දැවැන්ත ලෝම කොට්ටය වෙනුවට සීතල කබායක් බැටලුවාට පොරවා තිබූ ආකාරය දැකිය හැකි විය.