ලෝකයේ වායු දූෂණය ඉහළම නගර 10න් නගර 4ක්ම ඉන්දියානු නගර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ග්වාලිඕර්, අල්අහ්බාද්, පට්නා සහ රායිපූර් මෙසේ ලොව ඉහළම වායු දූෂණයක් සහිත නගර අතරට එක්ව තිබේ.
මේ අතර, ඉන්දියාවේ අගනගරය වන දිල්ලිය ලෝකයේ වායු දූෂණයෙන් ඉහළම නගර අතර 11 වැනි තැනට පත්ව ඇති බවද එම සංවිධානය පවසයි.
මෙසේ නගාරාශ්රිතව වායු දූෂණය වීමෙන්, එම නගරබදව ජීවත්වන්නන්ට, හදවත් රෝග, හදිසි හෘදයාබාධ, පෙනහළු පිළිකා මෙන්ම නිධන්ගත හා උග්‍ර ශ්වසන ආබාධ තත්ත්වයන් මුහුණදීමට සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.