ජනතාව නොමග යවන ආකාරයේ ප්රචාරක කටයුතු සහ වැරදි තොරතුරු මහා පරිමාණයෙන් විසුරුවා හැරීමෙන් වළකින ලෙස ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ලෝකයේ ආණ්ඩුවලින් ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අදහස් ප්‍රකාශයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ඇතුළු ඇමෙරිකානු රාජ්‍ය සංවිධානය, ඕ.එස්.සී.ඊ. සහ මානවීය සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන අප්‍රිකානු කොමිසම ඉහත කී ඉල්ලීම කර තිබේ.
මෙවැනි නොමග යවනසුළු තොරතුරු ප්‍රචාරය ව්‍යාජ ප්රවෘත්ති හෙවත් ෆේක් නිවුස් ලෙස හැඳින්වෙයි.
කෙසේ වෙතත්, මේ අතර මාධ්‍යයට තර්ජනය කිරීම හෝ මාධ්‍ය වාරණය හෝ විවේචනාත්මක වූ වෙනස් මත දැරීම මර්ධනය සඳහා ව්‍යාජ ප්රවෘත්ති ආයුධයක් කර නොගන්නා ලෙසත් මෙම සංවිධාන විසින් ලෝකයේ ආණ්ඩු වෙත පවසා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.