වසරකට ආසන්න කාලයෙක් අභ්‍යවකාශයේ රැඳී සිටි ඇමෙරිකානු ජාතික ගගනගාමී ස්කොට් කෙලී සහ රුසියානු ජාතික ගගනගාමී මික්හෙයිල් කොර්නියෙන්කෝ නිරුපද්‍රිතව පෘථිවිය වෙත පැමිණ සිටියහ.
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 340ක පමණ කාලයක් ගත කළ මෙම ගගනගාමීන් දෙදෙනා එම මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් රැඳෙන කාලයට වඩා දෙගුණයක කාලයක් එහි රැඳී සිට තිබුණි.
ඔවුන් මෙතරම් කාලයක් අභ්‍යවකාශයේ රැඳීම වැඩි කාලයක් අභ්‍යවකාශයේ රැඳීමෙන් ශරීරයේ සිදුවන වෙනස්කම් පරීක්ෂා කිරීමේ අවස්ථාවක් ලෙසද සැලකුණි.
එහිදී, ඇමෙරිකානු ගගනගාමී ස්කොට් කෙලීගේ නිවුන් සොහොයුරා එම කාලය තුළ පෘථිවියේ වාසය කළ නිසා ඔවුන් දෙදෙනාගේ ශරීර වෙනස්කම් විද්‍යාඥයන්ට පර්යේෂණ සඳහා වැඩිදුරටත් සහාය වී තිබේ.
මෙම ගගනගාමීන් දෙදෙනා රැගත් කැප්සුලය පැරෂුටයක් ආධාරයෙන් කසකස්ථානය වෙත නිරුපද්‍රිතව පැමිණ තිබුණි.

.jpg)