මීට වසර දෙකකට පෙර නයිජීරියාවේ, චිබොක් හිදී බොකෝ හරාම් ඉස්ලාමීය ත්රස්තයන් විසින් පැහැගත් පාසල් දැරියන්ගෙන් අයෙකු සොයාගැනීමට හැකිවී තිබේ.
කැමරූන් රාජ්‍යයට ආසන්න සම්බීසා වනාන්තරය ආශ්‍රිතව මෙම දැරිය සොයාගෙන ඇති අතර, ඇය නමින් අමීනා අලි න්කෙයි ලෙස හැඳින්වෙයි.
2014 වසරේදී පාසල් දැරියන් 218 දෙනෙකු බොකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැගත් අතර, ඔවුන් බොහෝ දෙනෙකු සංවිධානයේ සටන්වලට මෙන්ම, ලිංගික වහලුන් ලෙස යොදාගෙන ඇති බව කියැවෙයි.