දකුණු ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ වූ වසර 700ක් පැරණි සුවිසල් නුග රුක්ෂයක් කෘමි උවදුරකින් බේරාගැනීම සඳහා ඊට විශේෂ ආකාරයක කෘමි නාශක ඉසීමක් සිදුකරන බව වාර්තා වෙයි.
අක්කර තුනක් පුරා පැතිරුණු මෙම සුවිසල් නුග වෘක්ෂය එවැනි වර්ගයේ ලොව පවතින දෙවැනි විශාලතම වෘක්ෂය ලෙසද සැලකෙයි.
වේයන් හේතුවෙන් උපද්‍රවයට පත්ව ඇති විශේෂ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති මෙම වෘක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා බලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගන්නා අතර, මෙම කෘමි උවදුර පාලනයට ගසේ මුල සිට කෘමි නාශක ඉසීමට පියවර ගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම වෘක්ෂයේ කොටසක් කැඩී යාමත් සමග මේ තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කර ඇති අතර, පසුව සංචාරකයන් සඳහාද කෙටි කාලයක් එම කලාපය වසා දැමුණු බවද පැවසේ.