දශකයකට අධික කාලයක් පාකිස්තානයේ අතරමං වී සිටි ඉන්දීය කාන්තාවකට සිය ඉන්දීය පවුල හමුවී ඇති පුවතක් විදෙස් වාර්තා පවසයි.
මෙම කාන්තාවගේ පවුලේ තොරතුරු සෙවීම පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇත්තේ ඉන්දියාව විසින් මෙම අතරමං වූ ස්ත්‍රිය භාරගැනීමත් සමගය.
ගීතා නම් වූ ඇය කතා කිරීමේ හා කන් ඇසීමේ ආබාධයකින් පෙළෙන අතර, ඇය පාකිස්තානයේ අතරමං වන විට ඇගේ වයස අවුරුදු 11ක් පමණ වන බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම කාන්තාවගේ ඡායාරූප මාධ්‍යවල පළ වීමත් සමග ඇගේ පවුලේ තොරතුරු සොයාගැනීමට හැකිවී තිබේ.