ගව මස් සිදුවීමක් මූලික කරගෙන ඉන්දියාවේ සිදුවූ හින්දු මුස්ලිම් ගැටුමක් සම්බන්ධයෙන් ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදි හඬ අවදි කළ බව බී.බී.සී.ය කියයි.
මෝදි පවසා ඇත්තේ ඉන්දියාවේ හින්දූන් මෙන්ම මුස්ලිම්වරු දිළිඳුකමට එරෙහිව සටනක් මිස එකිනෙකාට එරෙහි සටනක් නොකළ යුතු බවයි.
අදාළ සිදුවීම හේතුවෙන් මොහොමඩ් අඛ්ලාක් නැමති මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් අගමැති මෝදි වෙතද ජනතා බලපෑම් එල්ල වූ බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, ඉන්දියාව තුළ බහුතර හින්දූන් ගවයා දෙවත්වයෙන් සැලකීමත්, එරට ප්‍රාන්ත කිහිපයකම ගව ඝාතනය තහනම් කර තිබීමත් දක්නට ලැබෙයි.