සිරියාවේ වයි.පී.ජී. නමින් හැඳින්වෙන කුර්දි ජාතික සන්නද්ධ කණ්ඩායම් වෙත සහාය දැක්වීමෙන් වළකින ලෙස තුර්කිය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියි.
තුර්කි පාබල හමුදාව උතුරුදිග සිරියාවේ කුර්දි සටන් කණ්ඩායම්වල බලය බිඳලීම සඳහා එම කලාපයට ඇතුළු වීමෙන් පසුව මෙම නිවේදනය සිදුකර තිබේ.
වයි.පී.ජී. කණ්ඩායම් මෙම මෙහෙයුම හරහා තවදුරටත් පළවා හැරීම තුර්කියේ බලාපොරොත්තුව වී ඇති අතර, ඒ වෙනුවෙන් ඔවුන් පසුගියදා මෙම ආක්රමණය සිදුකර තිබුණි.
තුර්කි ජනපති රිසෙප් එර්ඩෝගාන්ගේ ප්රකාශකයෙකු පවසා සිටියේ මෙම කුර්දි හමුදාව ඇමෙරිකාවේ නිෂ්පාදිත ආයුද යොදා ගනිමින් තමන් හමුදා වෙත ප්රහාර එල්ල කරන බවයි.
කුර්දිස්ථාන් කම්කරු පක්ෂයේ දිගුවක් ලෙස සලකන මෙම සටන් කණ්ඩායම් එම කලාපයේ ස්වයංපාලනයක් ඉල්ලා සිටින බවත්, ඔවුන් ත්රස්ත කණ්ඩායමක් බවත් තුර්කි රජය චෝදනා කරයි.
මෙම කුර්දි සටන්කරුවන් පසුගියදා දේශසීමාවේ පිහිටි නගරයකට රොකට් මගින් පහරදීමත් සමග එම සටන් කණ්ඩායම් විසින් වටලා ඇති එෆ්රින් කලාපයේ ස්ථාන රැසකට ප්රතිප්රහාර එල්ල කිරීමටද තුර්කිය කටයුතු කර තිබුණි.
මේ අතර මෙම අර්බුදය විසඳීම සඳහා ප්රංශය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැඳවීමක්ද සිදුකර තිබූ බව විදෙස් වාර්තාවල සඳහන් විය.