ලොව පුරා අනුගාමිකයන් මිලියන ගණනක් සිටින බව පවසන 16 හැවිරිදි දැරියක දූෂණයට ලක්කළ ඉන්දීය ජාතික පූජකවරයාට මරණීය දණ්ඩනය නියම කර තිබේ.
2013 වසරේදී උතුරු ඉන්දියාවේ, ජෝද්පූර් නගරයෙහි පිහිටි සිය ආශ්රමය තුළදීම අසාරම් බාපු විසින් මෙම අපරාධය සිදුකර තිබුණු අතර, මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමටද ඔහු බලාපොරොත්තු වෙයි.
මේ වනවිට 77 වැනි වියෙහි පසුවන මෙම පූජකවරයාගේ අනුගාමිකයන් සිටින ආරාම 400කට වැඩි ප්රමාණයක් ලොව පුරා පවතින අතර, ඔහු මෙම ආරාමවලදී හින්දු භාවනා ක්රම හා යෝග ක්රම උගන්වන බව කියැවෙයි.
මේ අතර, බටහිර ගුජරාටි ප්රාන්තයේදී ද සිදුකළ ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් මෙම පූජකවරයාට එරෙහි නඩුවක් පවතින බව කියැවෙයි.