වයස අවුරුදු 15ක දැරියක් අමානුෂික ලෙස දූෂණය කර, ඇය සිටි නිවසට ගිනිබත් කර ඇති සෝචනීය පුවතක් ඉන්දියාවේ, දිල්ලි අගනුවරට ආසන්න, නෝඩියා පළාතෙන් වාර්තා වෙයි.
මෙම දැරියගේ ශරීරයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ගින්නට හසුවීමෙන් පිළිස්සී ඇති බවත්, ඇය මේ වනවිට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.
අජෙයි ෂර්මා නැමැත්තෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයගේ නිවසටම පැමිණ මෙම අපරාධය සිදුකර, පසුව නිවසට ගිනි තබා ඇති බවත් පොලීසිය කියයි.
ඉන්දියාව තුළ මෙවැනි අපරාධ වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, 2011 වසරේදී වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීම මෙම සිදුවීම්වල උච්චතම අවස්ථාවක් විය.
මින් අනතුරුව ස්ත්‍රී දූෂණයට එරෙහිව එරට තුළ බලවත් හඬක් නැගුණත්, මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වී නොමැති බව ඉන්දීය මාධ්‍ය පවසයි.