සෝමාලියාවේ අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී ත්රස්තයන් 150ක් ඇමෙරිකානු ගුවන් ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පුවත එම ත්රස්ත සංවිධානය ප්රතික්ෂේප කර තිබේ.
මෙවැනි ප්රහාර පිළිබඳව පවතින අවදානම හේතුවෙන් සිය සටන්කාමීන් මෙතරම් විශාල පිරිසක් කිසිම අවස්ථාවක එකම ස්ථානයක රැඳී නොසිටින බවද ඔවුන් නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයෙන් අල්-ෂබාබ් ත්රස්තයන් කොපමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේද යන්න එම සංවිධානය නිල වශයෙන් ප්රකාශ කර නොමැත.
මේ අතර, සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව සෝමාලි ගම්මානයක පිහිටි අල්-ෂබාබ් පුහුණු කඳවුරක් වෙත ඇමෙරිකානු ගුවන් ප්රහාර එල්ලවී ඇති අතර, මෙම ප්රහාරයෙන් පසුව අසල ගම්මානවල කිහිප දෙනෙකුම තොරතුරු සැපයූ බව පවසමින් එම අන්තවාදීන් විසින් අල්ලාගෙන ගොස් තිබේ.