තායිලන්තයේ නව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු පත්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
තායිලන්තයේ ජනතාවාදී රජු ලෙස කටයුතු කළ භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ අභාවයෙන් පසුව, රජකම භාරගන්නා ලෙස වජිරාලෝන්ග්කෝර්න් කුමරුගෙන් එරට පාර්ලිමේන්තුව සිදුකළ ඉල්ලීම ඔහු පිළිගැනීමත් සමග ඔහුගේ රාජ්‍යත්වය නිල වශයෙන් පිළිගැනීම සිදුව තිබේ.
පසුගිය ඔක්තෝබර් මස 13 වැනිදා භූමිබෝල් අදුල්යාදේජ් රජු ජීවිතක්ෂයට පත්වූයේ මෑත කාලයේදී ලොව වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ රජු ලෙසිනි.
වජිරාලොන්ග්කෝර්න් කුමරුට සිය පියාගේ අභාවයත් සමග එරට රාජ්‍යත්වය උරුම වුවද, පියාට නිසි අවසන් ගෞරවයක් දැක්වීම සඳහා ඔහු රාජ්‍යත්වය නිල වශයෙන් භාරගැනීම කල් දැමීය. ඒ නිසා, මේ දක්වා එරට හිටපු අගමැතිවරයෙකු වූ ප්‍රයුත් චාන්-ඕචා රාජ්‍යත්වය දැරීය.
කෙසේ වෙතත්, අභිනව රජු අභිෂේක ලැබීම සිය පියාගේ අභාවයෙන් දින 50කට පසුව සිදුවනු ඇති බවද තායිලන්ත වාර්තා පෙන්වා දෙයි.