දකුණුදිග ඉන්දියාවේ සත්වෝද්‍යානයක ලොව වේගවත්ම ඉබ්බා සිටින බවට පුවතක් වාර්තා වෙයි.
මුගටින්ගේ ප්‍රහාරයකට ලක්වූ මෙම ඉබ්බාගේ ඉදිරිපස ගාත් ඇවිදගත නොහැකි ලෙසට තුවාල වීමත් සමග පශුවෛද්‍යවරු විසින් මෙම ඉබ්බාට යළි පහසුවෙන් ඇවිද යාමට හැකිවන ලෙස උගේ කටුව දෙපසින් රෝද දෙකක් සවිකර ඇත.
මේ රෝද සවිකිරීමේ ශල්‍යකර්මයෙන් පසුව මෙම ඉබ්බා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ඌ නිරීක්ෂණ මට්ටමේ තබා ගැනීමට පශු වෛද්‍යවරු කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව මෙම සත්වයාට නිදැල්ලේ සිටීමට අවස්ථාව සැලසෙන බවද ඔවුහු පවසති.
මේ අපූරු ඉබ්බා දකින බොහෝ අය පවසන්නේ හාවයි, ඉබ්බයි කතාව සිහිගන්වන තරමට මෙම ඉබ්බාගේ ගමන බැලූ බැල්මටම වේගවත් බවය.