ලෝකයම සංක්‍රමණිකයන් පිළිබඳ භීතිකාවකින් පසුවන බවත්, ලොව පුරා ජාතීන්ට එකමුතු වී ක්‍රියාකිරීම පිණිස ඉතා දුර්ලභ අවස්ථාවක් උදාවී ඇති බවත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී පවසයි.
එමෙන්ම, ඇය අවධාරණය කරන්නේ මෙම සංක්‍රමණිකයන්ට ආධාර කරන ජාත්‍යන්තර ක්‍රමවේදය අඩාල වෙමින් පවතින බවයි.
ගෙවීගිය දශක හතක කාලයේදී ලොව පුරා කෝටි 06ක ජනකායක් අවතැන් වී ඇති බවත්, මේ සංඛ්‍යාව ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයන් 122 නෙකුට එක් අයෙකු අවතැන් වී ඇති බව ප්‍රකට කරන බවත් ඇය වැඩිදුරටත් පවසයි.
මේ කාලයේදී කිසියම් පුද්ගලයකු අවතැන් වන සාමාන්‍ය කාලය වසර 20කට ආසන්න බව පවසන ඇය, සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ සංඛ්‍යාත්මක දත්ත සමග ඉතා බරපතල චිත්‍රයක් ඉස්මතු කරන බවද අවධාරණය කරයි.