එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන මගින් සිරියාවේ සරණාගතයන් වෙත යැවූ ආහාර තොගවල ISIS ඉස්ලාමීය රාජ්‍යයේ ලාංඡනය සටහන් කර තිබීම පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී ආහාර වැඩසටහන මගින් යැවූ ආහාර බෙදාදුන් දෙයිර් හෆ් නගරයේදී මෙම ආහාර තොගවල ඉස්ලාමීය රාජ්‍ය ලාංඡනය පිළිබඳ වාර්තා වී ඇති අතර, එකී ඡායාරූප සමාජජාල වෙබ් අඩවිවලට නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මෙසේ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන මගින් බෙදාදුන් තොගවල ඉස්ලාමීය රාජ්‍යයේ ලාංඡනයක් සටහන් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් එම සංවිධානයේ කලාපීය ප්‍රධානීන් දැඩි විමසිල්ලක් යොමු කොට තිබේ.
එමෙන්ම, මෙම ඡායාරූපවල නිරවද්‍යභාවය තහවුරු කරගැනීමටද ඔවුහු කටයුතු කරමින් සිටිති.