සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රයක් හිමිකර ගන්න වයස අවුරුදු 18 සම්පූර්ණ කර ගන්න ඕනෑ. ඒත් වයස සම්පූර්ණ වෙන්න කලින්, බයික් එකක් හරි පොඩි වාහනයක් හරි කරකවන කෙනෙක් හොයා ගන්න බැරිකමක් නෑ. ඒත්, මේ කියන්න යන්නේ එහෙම කරකැවිල්ලක් ගැන නම් නෙමෙයි.
චීනයෙන් වාර්තා වෙන මේ කතාවෙ රියදුරාගෙ වයස අවුරුදු 5 යි. ඒක තවත් බැරෑරුම් වෙන්නෙ, මෙයා එලවන්නෙ බුල්ඩෝසර්.
මධ්‍යම චීනයේ, වැඩ බිමකදි දැකගන්න ලැබුණු මේ පුංචි එකා හරි හරියට බුල්ඩෝසරයක් එලවමින් වැඩ.
වාහනේ ඉස්සරහට ගන්නවා. ඒ ගමන්ම වැලි පටව ගන්නවා. ආයෙත් පස්සට ගන්නවා. වැලි බානවා. වැඩ ගොඩයි.
ෂූහාන් නමින් හැඳින්වෙන මේ පොඩි එකාගෙ තාත්ත මේ වැඩබිමේ බුල්ඩෝසර් රියදුරෙක්ලු. මෙයා මේ විදියට බුල්ඩෝසර් එලවිල්ල ඉගෙන ගෙන තියෙන්නෙ තාත්තගෙන්. පේනවනෙ. වයසට නෙමෙයි වැඩ.