ලොව වැඩිම බරකින් යුතු ශරීරයක් හෙබි ඊජිප්තු ජාතික කාන්තාවකගේ ශරීර බර අඩු කිරීමේ විශේෂ ශල්‍යකර්මයක් ඉන්දියාවේදී සිදුකිරීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
කිලෝ ග්‍රෑම් 500ක් හෙවත්, රාත්තල් 1,102ක් පමණ බරින් යුතු එමාන් අහ්මඩ් අබ්ද් එල් ආටි නමැති 36 හැවිරිදි මෙම කාන්තාව විශේෂ ගුවන් යානයකින් මුම්බායි බලා පැමිණීමට නියමිත අතර, එහිදී, ශල්‍ය වෛද්‍ය මුෆාසාල් ලක්දාවාල් විසින් එම ශල්‍යකර්මය සිදුකරන බව කියයි.
කයිරෝ නුවර ඉන්දීය තානාපති කාර්යාලය මුලින් ඇගේ වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණේ ශල්‍ය වෛද්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව එම වීසා නිකුත් කිරීම සිදුව තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියද එම අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගතව සිටි බැවින්, ඇය වහාම මෙම රෝගියාගේ අවශ්‍යතාව කඩිනමින් ඉටුකර දීමට පහසුකම් සලසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අධික ස්ථුලතාවයෙන් යුතු මෙම කාන්තාව දැනට වසර 25කින් සිය නිවසින් පිටතට ගොස් නැති බවද විදෙස් වාර්තා ඇගේ පවුලේ උදවිය උපුටා දක්වමින් පවසා සිටියි.