92 වැනි වියෙහි පසුවන මැලේසියාවේ කෘතහස්ථ දේශපාලඥයා, මහතීර් මොහොමඩ් ඊයේ (09දා) පැවති මහ මැතිවරණයෙන් ජයග්රහණය කිරීමත් සමග ලොව වයස්ගතම නායකයා ලෙස එරට අගමැති ධුරයේ දිවුරුම් දීම සිදුව තිබේ.
මැලේසියාවේ පස් වැනි මුහම්මද් රජු ඉදිරියේ අද (10දා) රාත්රී මෙම දිවුරුම්දීම සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
වර්ෂ 1981 සිට 2003 දක්වාද මැලේසියාවේ අගමැති ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් යළිත් වරක් එරට විපක්ෂය සමග එක්ව දශක හයක් පමණ අඛණ්ඩව පැවති රජයක් පරාජයට පත්කිරීමද සුවිශේෂී තත්ත්වයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.