ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව වයස්ගතම බළලා ලෙස නම් දරා සිටි පොපී නමැති බැළලිය අවුරුදු 24ක් ආයු වළඳා පසුගියදා සිය ජීවිතයෙන් සමුගත් බව වාර්තා වෙයි.
1990 වසරේ උපත ලබා තිබූ පොපී එංගලන්තයේ බර්නර්මවුත් හි ජැකී වෙස්ට් හා ඇයගේ පුතුන් දෙදෙනා වන ජෝ සහ ටොබී සමග ඔවුන්ගේ නිවසේ ජීවත්ව ඇති බව කියැවෙයි.
ඇත්තටම ඇය ගොඩක් වයසයි කියල අපි දන්නවා. ඒත් එයා නැතිවීම අපට විශාල දුකක් යැයි පවසන්නේ ජැකීය.
පහුගිය සතියම එයා බොහොම අසනීප තත්ත්වයෙන් හිටියා. එයා අවසන් ගමන් ගිය දවසෙ අපි එයා ළඟින්ම හිටියා.
බළලෙකු ජීවත් වීමේ සාමාන්‍ය වයස අවුරුදු 15 කි. විශේෂඥ මතයට අනුව බළලෙකුගේ මුල් අවුරුදු දෙක තුන කාලය යනු සාමාන්‍ය මිනිසෙකුගේ වයස අවුරුදු 25ක පමණ වයසකි. එහිදී මිනිස් වයස සමග සැසඳීමේදි සෑම මාස තුනකට වරක්ම බළලෙකුට වසරක් ලෙස සැලකෙයි.
මෙම න්‍යාය සලකා බැලුවොත් පොපී වසර 114 ක් ජීවත් වී ඇත.
දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව වැඩිම කාලයක් ජීවත් වී ඇති බළලා ක්රීම්පෆ්ය. ටෙක්සාස් හි ජීවත්ව ඇති මෙම බළලා අවුරුදු 38ක් ආයු වළඳා ඇත.