ලෝකයේ මිල අඩුම ස්මාට්ෆෝන් නිෂ්පාදනය කළ බව අනාවරණය කළ රිගින්ග් බෙල්ස් සමාගමේ ප්‍රධානියා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දුරකථන සමාගම පසුගිය වසරේදී වඩාත් ආන්දෝලනාත්මක සමාගමක් බවට පත්වූයේ ඔවුන් නිෂ්පාදනය කළ Freedom 251 ස්මාට්ෆෝනය ඉන්දීය රුපියල් 251 වැනි සුළු මුදලකට අලෙවි කිරීමත් සමගිනි.
මෝහිත් ගොඑල් නමැති සමාගමේ ප්‍රධානියා මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය රු.ලක්ෂ 30කට ආසන්න මුදලක් ගෙවා ඇණවුම් කළ දුරකථන තොගයක් තමන් වෙත නොලැබුණු බවට අලෙවි නියෝජිතයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් විභාගයට ගනිමිනි.
එහිදී, දුරකථන නොමැති නම් තම මුදල් ආපසු ලබාදෙන ලෙස කළ ඉල්ලීමෙන් පසුව සිය සමාගමේ සේවකයන් වෙත මරණ තර්ජන එල්ල වී ඇති බවද අලෙවි නියෝජිතයා පොලීසියට පවසා තිබේ.
ඉන්දීය රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් ගෙවා ඇණවුම් කරන ලද දුරකතන තමන් වෙත ලබා නොදුන් බව පවසමින් අලෙවි නියෝජිතයෙක් එල්ල කළ චෝදනාවකින් අනතුරුව සමාගමේ අධ්‍යක්ෂක මොහිත් ගොඑල් අත්අඩංගුවට ගනු ලැබිණ.
ඉන්දියාව මේ වනවිට ලෝකයේ දෙවැනි විශාලතම ජංගම දුරකථන වෙළෙඳ පොළ බවට පත්ව සිටින අතර, එරට ජංගම දුරකථන ග්රාහක සංඛ්‍යාව කෝටි 100කට ආසන්නය.
ඉතා අවම මිල ගණන්වලට පවතින ජංගම දුරකතන හා ස්මාට්ෆෝන් වෙළෙඳ පොළට පැමිණීමත් සමග ඉන්දියාවේ මොබයිල් උන්මාදය තවත් ඉහළ ගොස් ඇති බව පැවසෙයි.