ලෝකයේ ඉපැරණිම බිලී කොකු ජපානයේ ඔකිනාවා දූපතේ ගුහාවකින් සොයාගත් බව පුරාවිද්‍යාඥයන් පිරිසක් පවසති.
මෙම බිලී කොකු දෙක වසර 23,000ක් පමණ පැරණි බවත්, ඒවා මුහුදු බෙල්ලන්ගෙන් සාදා ඇති බවත් ඔවුහු පවසති.
මේ සොයාගැනීමත් සමග මෙම දූපතේ මීට වසර 30,000කට පෙර මිනිස් ජනාවාස පැවති බවට සාක්ෂි හමුවන බවත් ඔවුන් අවම සම්පත් යටතේ වුවත් සිය ජීවිත පවත්වාගෙන ඇති බවත් තහවුරු වී ඇත.
මීට පෙර සිතා සිටියාට වඩා එම යුගයේ මිනිසුන් වඩාත් දියුණු ධීවර තාක්ෂණයක් භාවිත කළ බවට මෙම සොයාගැනීම සාක්ෂි සපවා තිබේ.
වර්තමාන මිනිසා අක්වෙරළ දූපත් වෙත මුලින්ම සංක්‍රමණය වී ඇත්තේ මීට වසර 50,000කට පමණ පෙර යැයි විශ්වාස කෙරෙයි.
එහිදී, ධීවර කර්මාන්තය එම යුගයේදී මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති අතර, මෙම තාක්ෂණයන් ක්‍රමයෙන් පරිණාමය වූ ආකාරය පිළිබඳ අපැහැදිලිතා පවතින බවද පුරාවිද්‍යාඥයෝ පවසති.