ලොව තෙවැනි උසම කන්දේදී අතුරුදන් වූවන් සේවීම අත්හරී
ලොව තෙවැනි උසම කන්ඳ ලෙස සැලකෙන කන්ග්චෙන්ජුන්ගා තරණය කරමින් සිටියදී හිමකඳු නායයෑමක් නිසා අනතුරටපත්ව අතුරුදන් වූ කඳු නගින්නෙකු හා ඔහුගේ සහායක ෂෙර්පාවරු දෙදෙනා සෙවීමේ මෙහෙයුම් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතහැර දැමූ බව නේපාල මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුහුදු මට්ටමින් අඩි 23,000ක් පමණ ඉහළ තරණය කරමින් සිටියදී සිදුවූ හිමකඳු නායයෑමෙන් ඔවුන් මෙසේ අනතුරට පත්ව අතුරුදන් වී තිබේ.
මෙම කඳු තරණය කරන්නා චාන්ද් ගයේන් නමැති ඉන්දීය ජාතිකයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ෂෙර්පාවරුන්ගේ අනන්‍යතාව හෙළි වී නොමැත.
අඩි 28,169ක් උස කන්ග්චෙන්ජුන්ගා කන්ද ලොව තෙවැනි උසම කන්ද ලෙස නේපාලය, ඉන්දියාව සහ චීනය යන රටවල දේශසීමාවන්හි පිහිටා තිබේ.
ඔවුන් මුදාගැනීම වෙනුවෙන් මුදාගැනීමේ හෙලිකොප්ටර් යානා පිටත්ව ගියත්, පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම යානා නැවතත් හරවා පැමිණි බව නේපාල සංචාරක අමාත්‍යාංශය පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

