මධ්‍යම ඇමෙරිකාවේ සිට කිසිදු ලියකියවිල්ලක් හෝ ගමන් බලපත්‍රයක් නොමැතිව විශාල ලොරි රථයක පැමිණි 200ක පමණ සංක්‍රමණිකයන් පිරිසක් ඊසානදිග මෙක්සිකෝවේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ආහාර හෝ ජලය පවා නොමැතිව ලොරිය තුළ සැඟව පැමිණ ඇති මෙම පිරිස අතර වැඩිහිටි පිරිමි හා කාන්තා පාර්ශ්වය මෙන්ම කුඩා දරුවන්ද සිට ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ ටෙක්සාස් දේශසීමාවට දකුණුදිගින් වූ මෙක්සිකෝ ටැමවුලිපාස් නගරයේදී මෙම ලොරිය අත්අඩංගුවට පත්වන විට මෙම සංක්‍රමණිකයන් පිරිස ලොරි තට්ටුවේ ඉදිරියටම වන්නට සැඟව සිට ඇති බව කියැවෙයි.
ග්වතමාලා, හොන්ඩුරාස් සහ එල් සැල්වදෝර් යන රටවල සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා මෙම පිරිස සිය දිවි පරදුවට තබමින් මෙම ගමන පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට පත්ව ඇති බව මෙක්සිකෝ බලධාරීහු පවසති.