වෙනිසියුලාවේ ඉහළ නාමික ආගයක් පවතින බැංකු නෝට්ටු ඉදිරි පැය 72ක කාලය තුළ කාසිවලට මාරු කරදෙන බව එරට රජය විසින් නිවේදනය කර තිබේ.
රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සිදුවන හොරබඩු ජාවාරම් සහ ආහාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට පිළියමක් ලෙස රජය මෙම පියවර ගෙන ඇති බව කියැවෙයි.
ජනාධිපති නිකොලාස් මධූරෝ පවසන්නේ දේශසීමා ආසන්නයේ සිට මේ ජවාරම් සිදුකරන පුද්ගලයන්ට තමන් අත වූ ඉහළ නාමික වටිනාකමකින් යුතු මුදල් නෝට්ටු මාරු කරගැනීමට මෙහිදී කාලයක් නොලැබෙන බවයි.
වෙනිසියුලාවේ මුදලේ අගය පසුගිය වසර කිහිපය තුළ දැඩි පහළ බැසීමකට ලක්වූ අතර, රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් ගෙඩඒමට වත්මන් ජනපති මධූරෝ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.
ලෝකයේ මේ වනවිට දරුණුතම උද්ධමන අගයක් වාර්තා වන්නේද වෙනිසියුලාවෙන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.